මත්පැන් පානය 25%කින් අඩු වෙලා!

මෙරට මත්පැන් පරිභෝජනය සියයට 25කින් පමණ පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන මඟින් තහවුරු වේ.

කොවිඩ් වසංගතය ව්‍යාප්තියට පෙර මත්පැන් භාවිතය සඳහා දිනකදී රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් වැය කර ඇති බවත් මේ වන විට රුපියල් කෝටි 35 දක්වා පහත බැස ඇතැයි එම දත්ත පෙන්වා දෙයි.

කොවිඩ් ව්‍යාප්තිය අවම කරලීම සඳහා සෞඛ්‍ය අංශ නිකුත් කළ චක්‍රලේඛ සහ රට වසා දැමීම, සංචාරක හෝටල් උත්සව ඇතුළු අවස්ථා නොපැවැත්වීම, ආර්ථිකමය වශයෙන් පොදුවේ ජනතාවට ඇති අගහිඟකම් මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සමහර පිරිස් නීතිවිරෝධි මත්පැන් හා මත්ද්‍රව්‍යවලට පෙළඹීම, මත්පැන්වලින් ප්‍රතිශක්තිය අඩු වේ යැයි පැවසෙන මතය හා වැඩි වේලාවක් රැඳී සිටිමින් මත්පැන් පානය කළ හැකි අවන්හල්, තානායම් හා හෝටල් තවමත් විවෘත නොවීම ආදි හේතුද මත්පැන් පානය අඩු වීමට බලපා ඇති බවද පෙන්වා දී තිබේ.

 663 total views,  5 views today

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply