සිය ගණනක් මරණයට පත් කරමින් කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 ඉක්මවයි!

කැනඩාවට බලපා ඇති අනපේක්ෂිත උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ සිට වැන්කූවර් පොලිසියට වාර්තා වී ඇති පරිදි හදිසි මරණ 130ක් සිදුව ඇතැයි එරට මාධ්‍ය පවසයි.

එම මරණවලින් වැඩි සංඛ්‍යාවක් වයස්ගත වූවන් සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති පුද්ගලයින්ගේය.

කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තය ආශ්‍රිතව වාර්තා වී ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.6ක් විය. එය තෙවන දිනටත් වාර්තාගත ලෙස උෂ්ණත්වය ඉහළ යාමකි.

කැනඩාව යනු ශ්‍රී ලාංකිකයින් බහුල ලෙස වාසය කරන රටකි.

 1,092 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply