රාජ්‍ය-පෞද්ගලික ආයතනවල සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ දැයි බලන්න අද සිට මෙහෙයුම්!

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුගතව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවත්වාගෙන යන්නේ දැයි සොයා බැලීමේ විශේෂ මෙහෙයුම්  අද (ජූලි 1) සිට දැඩි කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ හා තදාසන්න නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මීට ඉහතදීත් මෙම මෙහෙයුම් සිදු කළ අතර එහිදී නිරෝධායන නීතින් උල්ලංඝණය කළ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක පාලන අංශයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ ය. 

රාජ්‍ය හා පෞද්ගලික ආයතන කෙසේ පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී ඇති අතර ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ ද යන්න මෙහිදී සොයා බලන බව ද හෙතෙම පැවසීය. 

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල පුද්ගල දූරස්ථභාවය රැඳෙන පරිදි කටයුතු සිදු වනවා ද? සෞඛ්‍ය පිළිවෙත් එම ආයතන අනුගමනය කරනවා ද? යන්න මෙහිදී පොලිසිය විසින් සොයා බලන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 357 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply