මැදපෙරදිග ගුවන් මගීන්ට පැනවූ තහනම කොන්දේසි සහිතව ඉවතට!


කටාර්, සෞදි අරාබිය, බහරේන්, ඕමාන් සහ කුවේට් යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට සිට මෙරටට පැමිණීම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව පැය  90 ක් ඇතුලත ලබාගත් පී සී ආර් පරීක්ෂාවක් මගින් කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු කරගත් ගුවන් මගීන්ට අදාල රටවල සිට මෙරටට පැමිණීමට අවසර හිමිවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළේ.

එම රටවල රජය පිලිගත් රෝහලක් හෝ රසායනාගාරයක් මගින් අදාල පී සී ආර් පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම අනිවාර්‍ය බවද එම අධිකාරිය සදහන් කළා. 

 592 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply