එන්නත් පිළිබඳ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය නීලිකා ඉල්ලා අස් වෙයි?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ, ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

චිනයේ නිෂ්පාදනය කෙරෙන “සිනොවැක්ස්” කොවිඩ් එන්නත සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවට පැවැරී ඇති කාර්යයක් වන අතර එම නිර්දේශ ලබාදීමේදී ඇති වූ මත ගැටුමක් ඇගේ ඉල්ලා අස්වීමට පාදක වී ඇති බව දැනගන්නට ඇත.

ජාතික නියාමන අධිකාරියේ විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහගෙන් මේ සම්බන්ධව කළ විමසීමේදී කියා සිටියේ මහාචාර්ය නීලිකා මලවිගේ උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වන බව අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළ නමුත් ඇය ඉල්ලා අස්වූවාදැයි තමා හරි හැටි නොදන්නා බවයි.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඉල්ලා අස්වූ බවට ලැබුණු තොරතුරු සනාථ කර ගැනීම සඳහා දුරකථන මඟින් ඇය සම්බන්ධ කර ගැනීමට පෙරේදා සිටම උත්සහ කළද ඇය ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා තොරතුරු ලබා ගැනීමට අපහසු විය.

එම කමිටුවේ සාමාජිකයකු වූ මහාචාර්ය ඒ.පත්මේෂ්වරන්ද මීට දෙසතියකට පෙර ඉල්ලා අස්වී ඇති බවද දැනගන්නට ඇත.

 496 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply