ඇස්ට්‍රාසෙනෙකා ගත් මර්කල් දෙවැනි මාත්‍රාවට මොඩර්නා ගනියි!

සිය පළමු කොවිඩ් එන්නත් මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා සිටි ජර්මානු චාන්සලර්වරිය වන  ඇන්ගලා මර්කල් සිය දෙවැනි මාත්‍රාව ලෙස මොඩර්නා එන්නත ලබාගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ඇය සිය පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන තිබුණේ අප්‍රේල් මාසයේදීය. ඒ,  ජර්මනිය විසින් වසර අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා පමණක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිර්දේශ කිරීමෙන් අනතුරුවයි. දාසය වසරක් පුරාවට බලයේ රැඳී සිටි මර්කල්, මේ වසරේදී සිය ධූරයෙන් සමුගැනීමට නියමිතය. (ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් ඇසුරෙන්)

 705 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply