සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් පහලොස් ලක්‍ෂයකට!

සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව ලක්‍ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, එම එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ මෙරට පුද්ගලයන් 28,027 දෙනෙකුට ලබාදීමත් සමගයි.

ඒ අනුව මේ වනවිට සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් පහලොස් ලක්‍ෂ 2,985 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. එම පිරිසෙන් හාර ලක්‍ෂ 87,893 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාවද මේ වනවිට ලබාදී අවසන්.

ස්පුට්නික් වී කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ මෙරට පුද්ගලයින් 1,341 දෙනෙකුටද ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 14,795 ක්. ඉන් පුද්ගලයින් 14,363 දෙනෙකුට ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ද මේ වනවිට ලබාදී තිබෙනවා.

ඇස්ට්‍රා සෙනිකා කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් නව ලක්‍ෂ 25,242 නෙකුට ලබාදී ඇති අතර ඉන් පුද්ගලයන් තුන් ලක්‍ෂ 72,719 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාවද මේ වනවිට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර බස්නාහිර පළාතේ පුද්ගලයන් වෙනුවෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 4 ක් ලබාදෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

 387 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply