ධීවර ක්ෂේත්‍රයේ හානියට එක්ස්ප්‍රස් පර්ලි නෞකාවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්!


ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක් ගෙවීමට එකගතාව පළ කර  තිබෙනවා. අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ එම මුදල ගෙවීමට අදාල නෞකාවේ රක්ෂණ සමාගම එකගතාව පළ කර ඇති බවයි.

එම නෞකාවෙන්  මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් තවදුරටත් අනු කමිටු 05ක් යටතේ තක්සේරු කරමින් පවතිනවා. හානිය පිළිබඳ කරුණු දැක්වීමට මෙරට ජනතාවටද ලබන ජුලි  මස 02වනදා දක්වා මහජනතාවටද අවස්ථාව ලබා දී ඇති බවයි අධිකරණ අමා්‍යාශයේ ලේකම්වරයා පැවසුවේ. 

මේ අතර කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක්වූ එම් එස් සී මෙසීනා නෞකාවේ ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් ඈත මුහුදේදී එම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හට ගත්තා. ගින්න නිවීම සඳහා සිංප්පුරුවේ ටක් යාත්‍රාවක් ඊයේ පස්වරුවේ පැමිණියා. මේ වන විට ඔවුන් විසින් එම් එස් සී මෙසීනා නෞකාව සිංගප්පුරුව කරා රැගෙන යන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

 337 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply