කොවිඩ් – ප්‍රතිදේහ ආරක්ෂණ මට්ටම හඳුනා ගැනීමට බ්‍රිතාන්‍යයෙන් නව ක්‍රමවේදයක්!

කොවිඩ් ආසාදනවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහ ආරක්ෂණ මට්ටම හඳුනා ගැනීමට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරීක්ෂකයින් පිරිසකට හැකි වී තිබේ. 

මෙම පර්යේෂණයේ ප්‍රතිඵල, නව කොවිඩ් මර්දන එන්නත් සංවර්ධනය කිරීම සඳහා උපකාරී වනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව වෛරස ආසාදන වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහ මට්ටම හෙවත් ප්‍රතිශක්තීකරණ සහසම්බන්ධතාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් සොයාගත් නව දත්ත වාර්තාව එළිදක්වා තිබේ.

රෝග ලක්ෂණ සහිත වෛරස ආසාදන වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තීකරණ මට්ටම හඳුනාගැනීමට හැකිවීම එම පර්යේෂණයේ විශේෂත්වයකි.

එමෙන්ම තුන්වන අදියරේ සායනික අත්හදාබැලීම් සිදු නොකරම නව කොවිඩ් මර්දන එන්නත්වල විභවය තහවුරු කිරීමට මේ මගින් ප්‍රමාණවත් තරම් තොරතුරු එන්නත් නියාමකයන් වෙත සපයා ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

මේ අතර ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිතයෙක් චිලී රාජ්‍යයෙන් පළමුවරට හඳුනාගෙන තිබේ.

ආසාදිතයා අමෙරිකාවේ සංචාරයක නිරත වී පැමිණි චිලී ජාතික කාන්තාවකි.

ඒ සමග පවතින කොවිඩ් පාලන සීමා තවත් දින 90ක් සඳහා දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කොංග්‍රසයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.

මේ අතර ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ඉහළ ඵලදායිත්වයක් පෙන්වා ඇති බව එම සමාගම පවසයි.

ෆයිසර් සමාගමේ විද්‍යාගාරවලින් සහ ගෝලීයව ලද දත්තවලින් මේ බව හඳුනාගෙන තිබේ.

අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට 2020 වසරේ මාර්තු මුලදී පැනවූ හදිසි ආපදා තත්ත්වය ඊයේ දිනයෙන් අවසන් කෙරුණි.

ඒ, එම ප්‍රාන්තයේ වසංගත තත්ත්වය බොහෝ දුරට පාලනය කර තිබීම හේතුවෙනි.

ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 18 කෝටි 7 ලක්ෂය ඉක්මවා තිබේ.

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 40කට ආසන්නය.

 1,023 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply