මරණ දඬුවම හිමිවූ රැඳවියන්ගේ විරෝධතාවය වෙනත් පිරිසකගේ බලපෑමකට අනුවයි!

වැලිකඩ හා මහර බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයේ නිරතව සිටින්නේ වෙනත් පිරිසකගේ බලපෑමකට අනුව බවට අනාවරණ වී තිබෙනවා. එම බන්ධනාගාරවල රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මරණ දඬුවමට ලක්ව සිටින සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැඳවියන්, ආහාර වර්ජනයට පොළඹවා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඒ, එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමි නොවන පසුබිමක් තුළදීයි.

නොසන්සුන්තාවයක් සංවිධානය කිරීම හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සිරදඬුවම අඩු කර ගැනීම, බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම මෙහි අරමුණ වී ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එවැනි කුමන්ත්‍රණ සඳහා සම්බන්ධ පිරිසට එරෙහිව බන්ධනාගාර නීතිය යටතේ කඩිනමින් විනයානුකූල පියවර ගන්නා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ වහල මත නැග විරෝධතාවයක නිරතව සිටි රැඳවියන් මේවනවිට වහලයෙන් බැස තිබෙනවා. කෙසේවෙතත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 180 දෙනෙකු පමණ හා මහර බන්ධනාගාරයේ රැඳවියන් 70 දෙනෙකු පමණ මේවනවිටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ පස්වරුවේ ඔවුන් සිර මැදිරි තුළ රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරීන් සූදානම් වුවද එය ද අසාර්ථක වී තිබෙනවා. කෙසේවෙතත් මහර සහ වැලිකඩ බන්ධනාගාර වල නිලධාරීන්ගේ ආරක්ෂාව මැද එම රැඳවියන් අදාල සිර මැදිරි ආසන්නයේ රැඳී සිටින බවයි බන්ධනාගාර ආරංචි සඳහන් කළේ.

 431 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply