පොසොන් සඳ රැසින් නැහැවෙන රණවිරු සමරු මහ සෑය!

විසි එක්වන සියවසේ ලොව ඉදිවන විශාලතම දාගැබ, අද (24දා) පොසොන් පොහෝදා වන විට අහස උසට දිස්වී පෙනේ. 

තිස් වසරක යුද්ධය නිමා කර මානුෂීය මෙහෙයුමින් රට නිදහස් කිරීම සංකේතවත් කරමින් අනුරාධපුර පුදබිමේ ඉදිකරන සඳහිරු සෑයේ හතරැස් කොටුවේ වැඩ නිමා කර කොත ඉහළට ඉදිවනු හා පසෙකින් කපරාරුව නැංවෙනු දිස්වේ. වැඩ අවසන් වන විට දාගැබේ උස අඩි 282.6කි. රුවන්මැලි මහසෑයේම ආකෘතියට එහෙත් එම සෑයට වඩා අඩි 18ක් අඩු උසකින් නිර්මාණය වන සඳහිරු සෑය විශ්කම්භයෙන් අඩි 255කි. 

දාගැබ සඳහා මුල්ගල තැබුණේ 2010 නොවැම්බර් 22 වැනිදායි. ගර්භයේ ධාතු නිධාන උත්සවය භික්ෂුන් දහස් ගණනක් සහභාගි වූ රාජකීය උළෙලක්ව පැවැතියේ 2014 නොවැම්බර් 23 වැනිදායි. මේ වසරේ නොවැම්බර් මාසය වන හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය වෙනුවෙන් එහි වැඩ කටයුතු කරන රණවිරුවෝ ලහිලහියේ සැරසෙති. ලබන වසර වන විට සඳහිරු සෑයේ කොතේ වැඩ අවසන් වනු ඇතියි අපේක්ෂා කෙරේ. 

දාගැබට ගඩොල් කෝටි දෙකහමාරක්, අලුහුනු මෙටි්‍රක් ටොන් 11,165ක්, සිමෙන්ති කොට්ට 1,71,000ක් සහ වැලි කියුබ් 15,000ක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ. යුද්ධයේදී මියගිය 27,000ක් වූ රණවිරුවන්, අතුරුදන් වූ 4500ක්, ආබාධිත වූ 37,000ක්, එම යුගයේ ජන නායකයන් හා ඊට කැපවූ සියලු ජනතාව සිහි කිරීම උදෙසා මෙම සෑය ඉදිකරන්නේ ඉතිහාසයේ වසර 865කට පසුවයි. මීට පෙර මහ සෑයක් ඉදිවුණේ පොළොන්නරු යුගයේදී එනම් 152-186 සමයේ මහා පරාක්‍රමබාහු රජු විසිනි. එය දෙමළ මහා සෑයයි. 

මෙම සෑය සඳහා සැදැහැවතුන්ගේ ආධාර මුදල් හා හමුදා සාමාජිකයන්ගේ දායක මුදල් යොදා ගැනේ. 

අනුරාධපුර – වික්‍රම රලපනාව 

 743 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply