එන්නත නැත්නම් ඔෆිස් බෑ – ප්‍රමුඛ මූල්‍ය සමාගමක් තීරණය කරයි!

කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් සේවකයින් ට සහ පාරිභෝගිකයින් ට නිව් යෝර්ක් නගරයේ පිහිටි තම කාර්යාලවලට පැමිණීම අත්හිටුවීමට අමෙරිකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක්වන මෝගන් ස්ටැන්ලි සමාගම තීරණය කර තිබේ.

සම්පූර්ණ ලෙස එන්නත්කරණයට ලක්නොවූ සේවකයින්ට නිවසේ සිට වැඩකරන ලෙස දැන්වා ඇති බව වාර්තා වේ.

එම තීරණය ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමගින් සේවය සඳහා පැමිණෙන සේවකයින්ට සේවාස්ථානය තුළ මුඛ ආවරණ රහිතව සමාජ දුරස්ථභාවය වැනි කොවිඩ් පාලන රීතිවලින් මිදී සේවය කිරීමට හැකියාව ලැබේ.

 684 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply