හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව – යහපාලන පලිගැනීම් වලට සාධාරණය!

කොළඹ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා අද දිනයේ ජනාධිපති සමාව යටතේ නිදහස් කල බවට වාර්තා වනවා. 2016 වසරේ යහපාලන රජය සමයේ දුමින්ස සිල්වා මහතාට මරණ දඩුවම නියම වූ අතර එවක රජයේ දේශපාලකයින් සිය දේශපාලන බලපෑම් මත ඔහු සිරගත කල බවටයි එවක වාර්තා පළවුයේ.

කෙසේ වෙතත් භාරත ලක්ෂ්ම න් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට මරණ දඩුවම නියම වූ අතර එවක රජය නියෝජනය කල හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලන බලපෑම් මත දුමින්ද සිල්වා මහතාට නීතිය ක්‍රියාත්මක වූ බව එම නඩුවට සම්බන්ධ විනිසුරුවන් මෙන්ම එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ ශානි අබේසේකර වැන්නවුන් සමඟ රන්ජන් රාමනායක මහතා සිදුකල දුරකථන සංවාද ඔස්සේ පසුව හෙළිදරව් වුවා.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් පටිගත ජර්න ලද හඬපට විශාල සංඛාවක් හෙළිදරව් වූ අතර ඒවා මගින් පසුගිය රජය සිය දේශපාලන බලපෑම් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නොව අධිකරණ විනිසුරුවන් පවා තමන්ට අවශ්‍ය තීන්දු උදෙසා යෙදවූ බවට සාක්ෂි සහිත හෙළිවූ අතර එවක විපක්ෂයේ සිටි වත්මන් රජය එම දේශපාලන පලිගැනීම් සම්බන්ධව දැඩි හඬක් නැගුවා.

වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජය දුන් ප්‍රමුඛ පොරොන්දුවක් බවට පත්වුයේ යහපාලන රජය මගින් දේශපාලන පලිගැනීමට ලක්කළ සියලුදෙනාට සාධාරණය ඉටු කරන බවටයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු අදාළ පලිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කල අතර එහිදී මේ සම්බන්ධව සියලු සාක්ෂි හෙළිදරව් වූ බවට වාර්තා විය. අදාළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව හිමි වූ අතර මේ අකාරයෙන් දේශපාලනය උදෙසා පෞද්ගලිකව පලිගැනීමට ලක්කළ සියලු දෙනාට සාධාරණය කඩිනමින් ඉටුවිය යුතු බවයි අපේ අදහස.

 2,121 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply