රියැදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට පැවරීමෙන් මසකට කෝටි 10ක් ඉතිරියි!

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යුද හමුදාවට පවරා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නිසා මෙතෙක් කලක් පෟද්ගලික සමාගමකට නිරපරාදේ මාසිකව ගෙවූ රුපියල් කෝටි 14කට අධික මුදල නතර කර එම කටයුත්ත රුපියල් කෝටි හතරකින් ඉටුකරගැනීමට හැකිවී ඇතැයි රජයේ විගණන නිලධාරීහු ‘දිනමිණ‘ට හෙළි කර සිටිති.

චිපය සහිත රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව 2009 වසරේ දී පුද්ගලික සමාගමට පවරා දී තිබූ අතර එම ගිවිසුම් කාල සීමාව 2016 වසරේදී නිම කර එම කටයුත්ත මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පවරා දීමට නියමිතව තිබිණි.

ජීපීඑස් සහිත රිය­ැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ දී එකී සමාගම එක් රියැදුරු බල පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 1571ක මුදලක් අය කළ අතර මේ වන විට යුද හමුදාව ඒ සඳහා අය කරන්නේ රුපියල් හාරසිය පනහක් වැනි මුදලක් බව ද රජයේ විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කියා සිටිති.

 1,402 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply