භාග්‍යා මිස්ගේ මිලියනයක දානය!

ගුරුවරියක් තම දරුවන්ගේ ලැබුණු පන්ති ගාස්තු ද එකතු කරමින් ලබා දුන්  දානයක්..මෙි.. භාග්‍යා හෙට්ටිආරච්චි කියන්නේ නුගේගොඩ පෞද්ගලික ආයතනයක ඉතිහාසය උගන්වන ගුරුවරියක්ය.ඇය ප්‍රදේශ කිහිපයක් තෝරා ගෙන වියලී ආහාර බෙදා දීම සිදු කර ඇත..පිලිබද ඇය මුහුණුපොත ඔස්සේ තබා ඇති සටහනයි.


දහසකගේ කුස පිරවූයෙමු!
___________
භාග්‍යා හෙට්ටිආරච්චි මිස්ගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් දහසකගේ කුස පුරවනු වස්, රුපියල් මිලියනයක වියළි ආහාර බෙදා දීමේ පළමු වැඩසටහන මෙසේ සාර්ථක කර ගැනීමට හැකි විය..

පානදුර සහ කළුතර විහාරස්ථාන දෙකකට, උතුරු කළුතර බෝසිරිපුර ප්‍රදේශයට සහ එහි රතුකුරුස  නිවාස සංකීර්ණ වලට ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ තවත් උදව් අවැසි විශාල ප්‍රමාණයකගේ කුසගිනි නිවාලීමට යම් සහනයක් වීමට හැකිවිය..

භාග්‍යා හෙට්ටිආරච්චි මිස්ගේ පන්ති පැමිණෙන දරුවන්ගේ මැයි සහ ජුනි මාස වල පන්ති ගාස්තුවෙන් කොටසක්ද අප මේ වෙනුවෙන් යොදා ගත්තේ එම දරුවන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ටත් මෙම පින අනුමෝදන් වේවා යන උතුම් ප්‍රාර්ථනාවෙනි!

(සැ.යි – එය දරුවන්ගෙන් අමතර අය කිරීමක් නොවෙයි. නියමිත පන්ති ගාස්තුවෙන් අප විසින් යෙදවූ මුදලකි)

එසේම මෙම මනුසත් සත්කාරය වෙනුවෙන් කැපවුණු හිනිදුම සුගතවංශ ස්වාමීන් වහන්සේ, 717 c ග්‍රාමසේවක වසමේ ග්‍රාමනිලධාරීතුමිය අරුණි මහත්මිය, සංවර්ධන නිලධාරිතුමිය සහ ප්‍රදේශයේ නිරෝධායනය සහ සංචරණ සීමා
අධීක්ෂණය පොලිස් නිලධාරී දුමින්ද පෙරේරා මහතා සහ ගොඩක් මහන්සි වුණ ප්‍රමිල පුලෝචන සිල්වා මහතාටත් ස්තූතියි! පිං!

සැ.යු –
“භාණ්ඩ ලබාගත් කිසිවෙකුගේ අනන්‍යතාවයට හානි කර නොමැත”

මෙම මහා දාන පාරමිතාව පිං සිත් ඇතිව සියළු දෙනාටම අනුමෝදන් වේවා!!!

දුර්භික්ෂ, වසංගත සමයන්හිදී දෙන දානය මහා ආනිසංස ඵල ලබා දෙන බව නිතරම සිහි වේවා!!!

මාගෙන් අධ්‍යාපනය ලැබ සමාජයට නික්මෙන දරුවන් දානයට ලැදි වේවා!!! පිං සිත් ඇත්තෝ වේවා!!!

ඉතින්,එකම ආදරණීය ඉල්ලීම….

“මේ අමාරු කාලේ අපි මොහොතක් පරාර්ථකාමී වී බලමු! ලොකු සැනසීමක් ලැබේවි!!!”

– භාග්‍යා හෙට්ටිආරච්චි
 පොසොන් පෝදාට දන්සල් දෙන අපි මෙම කොවිඩි වසංගත කාලය තුල දන්සල් වලට හොඳ උදාහරණයක් මෙම පිංකම..

 923 total views,  25 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply