සංචරණ සීමා ලිහිල් වූ සැනින් උගස් කඩ, බැංකු අසළ දිගු පෝලිම් !

දීර්ඝ කාලයක සංචරණ සීමා ඉවත් කළ අද ඊයේ (21) උදය වරුවේ බැංකුවල හා උකස් මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි.

පසුගිය කාලයේ සීමිත ආදායම් යටතේ එදිනෙදා පරිභෝජනය කරගත් පහළ ආදායම් ලබන ජනයා මාසයක පමණ කාලයකින් පසුව මේ ආකාරයෙන් මුදල් කරන්නට සිය කණකර ආදී වටිනා දේ රැගෙන පැමිණ සිටි බව නිරීක්ෂනය විය. විශේෂයෙන් එදිනෙදා විවිධ ආදායම් මාර්ග සපයාගත් ජනයා කිසිදු හව්හරණක් නොමැති ව සිටි බව ප්‍රසිද්ධ කාරණයකි.

දිවයින පුරාම නගරවල පහළ ආදායම් සහිත ජනයාගෙන් කොටසක් මෙසේ ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට කිසිදු ආදායමක් ඉකුත් දිනවල නොලැබුණු හේතුවෙන් මෙසේ කණකර ආදිය උගස් කිරීමට පැමිණ සිටි බව අනාවරණය විය.

 472 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply