72 වන උපන්දිනේ සමරන ගෝඨාභය රාජපක්ෂ මේ රටට මොනවද කලේ?

30 වසරක් පැවති කාලකන්නි යුද්ධය 2009 වසරේ විජයග්‍රහණය කල රාජපක්ෂ රජය රට සංවර්ධනය කිරීමේ මහා සංග්‍රාමය ඇරඹු යුගය ඔබට මතකද? එදා ආරක්ෂක ලේකම් තනතුරේ රාජකාරිය අකුරටම ඉටු කරමින් ත්‍රිවිධ හමුදාවත් දේශපාලන නායකත්වයත් මනාව සම්බන්ධීකරණය කරමින් රටට ශාපයක් වූ LTTE පිළිලය මේ රටින් අතුගා දමන්නට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ චරිතය කල මෙහෙය අතිමහත්ය.

මානුෂික මෙහෙයුම අවසානයේ යුද්ධයෙන් හෙම්බත්ව කඩාවැටුණු ආර්ථිකයක් සහිතව තිබු රට යලි සංවර්ධන මාවතට ගෙන ඒමට එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය වැඩ ඇරඹීය, සංචාරකයින්ට පාරාදීසයක් බඳුවූ මේ දිවයිනට සංචාරකයන් ආකර්ෂණය සඳහා රටේ අගනගරය ඇතුළු නගර මෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන සංවර්ධනය මුලික ඉලක්කයක් වූ අතර එවක නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තනතුරද දරමින් අවශ්‍ය සියලු දේ සම්බන්ධීකරණය කරමින් කොළඹ නගරය ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන නඟරය බවට පත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා මුලිකත්වය ගත්තේය.

එවක පැවති රාජපක්ෂ රජය නගර සංවර්ධනය, මාර්ග සංවර්ධනය මෙන්ම කොළඹ පැල්පත් වාසීන්ට මහල් නිවාස ඉදිකරමින් නාගරික ජනතාවගේ ජීවිත සංවර්ධනය සුදුකරනා අතරතුර ග්‍රාමීය ගොවි ජනතාවගේ අනාගතය පැහැපත් කරමින් “අපි වවමු – රට නඟමු” වැනි වගා සංග්‍රාමයන් ගෙන එමින් මහා වාරි මාර්ග ව්‍යාපෘති වන මොරගහකන්ද ජලාශය, දැදුරුඔය ජලාශය, උමා ඔය ව්‍යාපෘතිය ආදිය හරහා පානීය මෙන්ම කෘෂිකාර්මික ජල අවශ්‍යතාවයන් සපුරාලීමට අවශ්‍ය කටයුතු සිදු කළේය. ඉන් නොනැවතී අධිවේගී මාර්ග පධතිය සංවර්ධනය අරඹමින් කොළඹ කටුනායක, දක්ෂිණ අධිවේගය වැඩ නිමවූ අතර මධ්‍යම අධිවේගයේ වැඩ ඇරඹීය, රටේ බලශක්ති අවශ්‍යතාවය සපයාගැනීම සඳහා දශක ගනනාවක් සාකච්චාවට පමණක් සීමාවූ නොරොච්චෝල බලාගාරය ආරම්භ කල අතර කෙරවලපිටිය ඇතුළු තවත් බලාගාර කඩිනමින් ඉදි කරමින් වැස්ස අඩු වනවිට රට අඳුරේ තබන යුගයට තිත තැබීය. රටේ  ආර්ථිකයේ ඉදිරි පිම්ම පැනීම සඳහා කොළඹ වරාය නගරය ඉදිකිරීම, හම්බන්තොට වරාය මෙන්ම මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙන්ම කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක්ද අරඹන ලද අතර 2009 සිට 2014 දක්වා සිදුවූ සංවර්ධන සංග්‍රාමයේ ප්‍රධාන කරුණු මෙසේ වුවත් තවත් අති විශාල වැඩ කොටසක් එවක සිදුවූ බව නොරහසකි.

මේ අයුරින් රට සීඝ්‍ර සංවර්ධනයකට ගමන්ගන්නාවිට එය දරාගන්නට නොහැකිවූ විපක්ෂයේ දේශපාලන අනාථයින් එවක රජය පාර්ශවයේ සිටි අවස්තාවාදී දේශපාලකයින්ද කැටුව මහා සංවර්ධන ව්‍යාපෘති හරහා හොරකම වංචාව සිදු කරන බවට සහ ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස නැති බවට පට්ට පල් බොරු සමාජගත කරමින් කල මාධ්‍ය සංදර්ශනයක ප්‍රථිපලයක් ලෙස 2015 ජනවාරි 8 වනදා මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුව බලයට පත්විය. රට ඉදිරියට ගෙනගිය වේගයට වඩා දෙගුණයක් වේගයෙන් රට ආපස්සට යාම ආරම්භ වූ අතර ඒ පසුපසට යාම මේ වනවිටත් පාලනය කරගන්නට බැරි තත්වයකට පැමිණ ඇති බව තිත්ත ඇත්තයි. බොරුවෙන්ම ආණ්ඩු පෙරළු ඔවුන්ට බොරුවෙන් රට කරන්නට බැරි බව වසර දෙකක් යන්නට මත්තෙන් පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජනතාව ඔප්පු කොට පෙන්වූ අතර ඔවුන් කී කිසිදු හොරකමක් දුෂණයක් හෝ වංචාවක් ඔප්පු කිරීමට යහපාලන ධුර කරයතුලදීම ඔවුන්ට නොහැකිවූ බැවින් ඔවුන්ගේ රාජ්‍ය පාලනය රටේ ජනතාව පිළිකුල් කරන තත්වයට පත්විය. 30 වසරක යුද්ධය නිමාකර ජනතාවට උදාකළ නිදහස හා සාමය විනාශ කරමින් ඉස්ලාම් අන්තවාදීන් රටේ ප්‍රහාර එල්ල කරන තත්වයකට පත්වනතුරු සිය පක්ෂ දේශපාලනය වෙනුවෙන් විගඩම් නැටු එවක රාජ්‍ය පාලකයින් සැබෑවටම යලි රට අරාජික කලෝය.

එදා රනිල් – මෛත්‍රීගේ යහපාලනයට භාරදුන් වැඩබිමක්ව තිබු රට ඔවුන් මුඩු බිමක් බවට පත් කලෝය, රාජ්‍ය පාලනය එකම කැඳ හැලියක් විය, ඊනියා සංහිඳියා ලේබලයට යටවී දෙමල මුස්ලිමී අන්තවාදීන් රිසිසේ සිය මෙහෙයුම් දියත්කරද්දී සිංහල බෞද්ධ බහුතරයට සිදුවුයේ කඳුළු පිරි දෙනෙතින් බලා සිටින්නට පමණි, 2005 දී USD 1242ක් ව පවතී දල ජාතික නිෂ්පාදිතය 2015 වන විට USD 3819ට ගෙනා නමුත් රටේ කිසිදු ව්‍යසනයක් නැතිව තිබියදීත් 2019 යහපාලන ආණ්ඩුව ගෙදර යනවිට රටේ දල ජාතික නිෂ්පාදිතය 3852 කි වසර 5කට ආසන්න කාලයකදී ඩොලර් 33කින් පමණක් ඒක පුද්ගල ආදායම ඉහල දැමු යහපාලන අටමඟල රටට කල විනාශය මොලේ කලඳක් හෝ ඇති අයෙකුට තේරුම් ගැනීමට අපහසු නොවේ. ජනතාව යහපාලනයක් වෙනුවෙන්  ගත් තීරණය වැරදි බව ජනතාවටම තේරුම් ගිය හෙයින් සාම්ප්‍රදායික දේශපාලන ප්‍රවාහයම පිළිකුල් කරමින් මතයක් ගොඩනැගුනේ දේශපාලකයකු නොවන රට වෙනුවෙන් කැපවිය හැකි අයකු රටේ නායකත්වයට පත් කරගැනීම උදෙසාය.

කෙසේ වෙතත් අවසානයේ වැඩ කරන රටක් නිර්මාණය කරන්නටත් රටේ ජනතාවට සෞභාග්‍යමත් අනාගතයක් උදා කිරීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතා කරලියට පැමිණි අතර යලි රාජපක්ෂ යුගයක් උදා කරමින් සෞභාග්‍යමත් දේශයක් කරා ගමන් කරන්නට 2019 නොවැම්බර් 16 වනදා රටේ බහුතර ජනතාවක් සිය චන්දය භාවිතා කරමින් 69 ලක්ෂයක ඓතිහාසික ජනවරමක් සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 7වන විධායක ජනාධිපතිවරයා බවට පත්විය.

යහපාලකයින් විනාශයට ගෙන ගිය රට යලි ගොඩනගන්නට ජනාධිපති ගෝඨාභය අගමැති මහින්ද සහ රටට හිතැති දේශපාලකයින් සමඟ ගමන ඇරඹීය  තමන් සිංහල බෞද්ධ යයි කියන්නට මැලිවූ රාජ්‍ය පාලකයින්ගේ යුගය නිමාකල ගෝඨාභය රාජපක්ෂ ස්වර්ණමාලි මහා සෑය ඉදිරියේ සිංහල බෞද්ධ උරුමය රකින්නට කැපවන බව කීවේ ඊනියා සංහිදියාවෙන් පිම්බී සිටි අන්තවාදීන්ට හීන් දහදිය දම්මමිනි, හාමුදුරුනමක් අදාහනයටවත් ඉඩක් නොමැතිව තිබු උතරු නැගෙනහිර බෞද්ධ උරුමය අද සුරක්ෂිතය, නැගෙනහිර දීඝවාපි මහා සෑය දැන් කඩිනමින් ඉදි වෙමින් ඇත, අන්තවාදීන් සඟරුවනට පහරදෙන තත්වයට පත්ව තිබු මුහුඳු මහා විහාරයේ භුමිය අද නිරවුල්ය, මහා විහාර දාගැබ් වලට දුන් රාජ්‍ය අනුග්‍රහය මහා වරදක් ලෙස හංවඩු ගසමින් අන්තවාදීන් සතුටු කල යුගය නිමා කරමින් අනුරපුරයේ සඳ හිරු සෑය දැන් අවසන් අදියරේය. රණවිරු දඩයම අද නැත හාමුදුරුවරු හිරේ දැමීම හෝ උද්ඝෝෂණ වලට බැටන් ප්‍රහාර සංග්‍රහ අද නැත, ලේ හැලෙනකන් විශ්ව විද්‍යාල සිසුන්ට පහරදුන් යුගය නිමා විය.

රට රැකි යුධ විරුවන් හා අබාධිත රණවිරුවන්ගේ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින් අබාධිත විරුවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල් වලටද දිවි ඇති තෙක් වැටුප් ලබාදී අවසන්ය, රජයේ නිල නිවාස තමන්ගේ කරගෙන ගිය ජනාධිපතිලා වෙනුවට තමන්ගේ පෞද්ගලික නිවසේ පදිංචි ජනාධිපතිවරයෙක් ලැබී ඇත, දේශීයත්වය අගයමින් දේශීය නිෂ්පාදන හා කර්මාන්ත දිරි ගන්වමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම ආරම්භ වී ඇත, විෂ රසායනික ගොවිතැන වෙනුවට කාබනික හා ජෛවීය ගොවිතැන හරහා ජනතාවගේ මෙන්ම සතා සීපාවගේද දිවි රකින ගොවිතැනක් වෙනුවෙන් කැපවී ඇත, සුන්දර ගම්මානවල අසුන්දර දිවිගෙවන ජනතාවගේ ජීවිත සුන්දර කරනා යුගය ආරම්භවී ඇත. කොටින්ම යහපාලකයින් කැඳ හැලියක් කල රාජ්‍ය පාලනය නිසි මාර්ගයට ගෙන එමින් රට ගොඩ නගන වැඩ කරන රටක් යලිත් ආරම්භ වී ඇත.

මේ සියල්ලම සිදු කරන්නට වී ඇත්තේ ලෝකයටම අභියෝගයක් වූ කොරෝනා වසංගතය රටට බැට දෙන යුගයක වීම කිවයුතුම කරුණකි, එදා පාස්කු ප්‍රහාරය එල්ල වූ පසුව මාධ්‍ය ඉදිරියේ සිනාසෙමින් මේක ජාත්‍යන්තර ප්‍රහාරයක් අපට කරන්න දෙයක් නෑ කී දේශපාලකයින් සිටි රටක ලෝකයේ මෙන්ම කලාපීය බලවතුන් කොරෝනා හමුවේ දනින් වැටී සිටින සමයක රටේ ආර්ථිකය දිනෙන් දින පරිහානියට යමින් සිටින සමයක වසංගතය නිදහසට කාරනාවක් කර නොගනිමින් සෞඛ්‍ය අංශ වල සහයට ත්‍රිවිධ හමුදාව යොමු කරවමින් කොරෝනාවට එරෙහි සටන සාර්ථකව ඉදිරියට ගෙනයමින් රටේ ආර්ථිකය ගොඩ නගන්නට විදේශ ණය මත යැපීම අවම කරමින් ආයෝජන ගෙන එන්නට අවශ්‍ය දේශපාලනික තීන්දු තීරණ නොභියව හා සෘජුව ගනිමින් රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂය වන කොළඹ වරාය නඟරය ඇතුළු ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය දේශපාලනික නායකත්වය සපයමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය සුපුරුදු නායකත්ව ලක්ෂණ ප්‍රදර්ශනය කරමින් රට සෞභාග්‍යය කරා ගෙනයාන අසීරු ගමනට මඟ පෙන්වමින් සිටී.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි,

නවමු රටක අපේක්ෂාවන් යථාර්ථයක් කරවන නිවැරදි, සෘජු, අවංක, අධිෂ්ඨානශීලී නායකත්වයක් ශ්‍රී ලංකාවට අත්පත්කරදුන් යුගයේ මිනිසා ඔබය.

අද දින 72 වන ජන්ම දිනය සමරණ ඔබතුමන්ට ආරෝග්‍යයෙන්, සංතුෂ්ඨියෙන් පිරි දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන අතරම ශ්‍රී ලංකාවාසී සියළු පුරවැසියන්ගේ අභිලාෂයන් මුදුන් පත්කරවන සෞභාග්‍යමත් රටක් නිර්මාණය කරවීම සඳහා වන ධෛර්යය, ජවය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කර සිටිමු.

චිරං ජයතු ජනපතිතුමනි..

 1,560 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply