ආණ්ඩු පෙරළන මෙහෙයුම කුඩුකාරයන් අතට – විපක්ෂයේ දේශපාලන ගනුදෙනුත් හෙළිවෙයි!

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව මෙරට පාතාලය සුද්ද කිරීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමටත් පියවර ගන්නා බව පැවසූවද මේ වන විට ආණ්ඩුව පෙරළා දැමීම වෙනුවෙන් මේ කුඩු ජාවාරම්කාරයන් අත දිග හැර වියදම් කිරීමට තරම් බලවත් වී ඇති බව බුද්ධි සේවා විසින් තොරතුරු හෙළි කරගෙන තිබේ. විදේශ ගතව සිටිමින් මෙරට කුඩු ජාවාරම මෙහෙයවන ජාවරම්කරුවන් කිහිප දෙනෙකු සහ මෙරට සිටින ඔවුන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් විපක්ෂයෙ ප්‍රබල තරුණ දේශපාලකයකු මඟින් විපක්ෂයේ දේශපාලන මෙහෙයුම් වෙනුවෙන් අරමුදල් ලබාදීමක් සිදුකර ඇති බවටත් තොරතුරු හෙළිව ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේවන විට බුද්ධි සේවා විසින් තහවුරුකර ලබා දී ඇති තොරතුරු අනුව විපක්ෂයේ මෙම තරුණ ප්‍රබල දේශපාලකයා සමඟ සමීපතම ඇසුරක් පවත් වන තරුණියකගේ ඥාති සහෝදරයා වන ෂැලී නමින් හදුන්වන අය, ඩුබායි හී වෙසෙන නඳුන් චින්තක නොහොත් හරක් කටා යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන් කුඩු ජාවරම්කරුවා සමඟ ජාවරම් කටයුතුවල නියැලෙන්නෙකි. මෙම ෂැලී නැමැත්තා පසුගිය ආණ්ඩු සමයේ ඇමැතිවරයකුව සිටි දේශපාලකයාගේ සම්බන්ධීකරන ලේකම්වරයකු ලෙස කටයුතු කර පසුව මෙරටින් පෙලා ගොස් තිබේ. ඊට හේතුව වී තිබුණේ මීට පෙර 2019 වසරේ මාර්තු මාසයේදී පොලිසිය විසින් කොල්ලුපිටිය සුපිරි වෙළඳ සලක රථගාලේ දී අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි 300ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 294ක් සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගැනීමට තිබියදීය. අදාල දේශපාලකයා සහ ෂැලී මත්දුව්‍යවලට ඇබ්බැහිව සිටින්නන් වන අතර වරක් මීගමුව ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී තවත් කණ්ඩායමකගේ ප්‍රහාරයටද ලක්ව තිබිණි. පසුව එම කණ්ඩායමේ කිහිප දෙනෙකුම වෙඩි තබා ඝාතනය කර තිබූ බවත් වාර්ථා විය.

කෙසේ නමුත් පසුගිය දා පොලිසිය විසින් පිලියන්දල, කහතුඩුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්න ලද රුපියල් කෝටි එකහාමරකට අධික වටිනා කුඩු තොගය මෙරටට එවීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අතර මැදියකු වී ඇති බවත් මෙම කුඩු තොගය ඩුබායි හී හරක් කටා විසින් එවනු ලැබූවක් බවද හෙළිව තිබේ.

එම සිද්ධියට අදාලව තිහාරිය කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක් සහ හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් ලත් තොරතුර අනුව පොලිස් බුද්ධි සේවා හෙළිකරගෙන තිබෙන අනෙක් වැදගත්ම තොරතුර වන්නේ කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනෙකුගේම ජාලයක් මේ තරුණ දේශපාලකයා සමඟ සම්බන්ධ බවය.

මේ අතර විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව නුදුරේම විශාල ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම්කර ඇති බවත් ඊට රුපියල් බිලියන 3 ක පමණ දැවැන්ත අරමුදලක් ගොඩනැගීමේ මූලික කටයුතු මේ වන විට සිදුවෙමින් තිබේ. විශේෂයෙන්ම ඉන්දියාවෙ සිටින තවත් ප්‍රබල ජාවාරම්කරුවෙක් හෝ දෙදෙනෙක් මේ දේශපාලන මෙහෙයුමට අවශ්‍ය මුදල් රැස්කිරීමෙහි යෙදී සිටින බවද හෙළිව ඇත. එහෙත් මෙම මුදල් ඉන්දියානු රජය විසින් රාජපක්ෂ පාලනය පෙරලා දැමීම වෙනුවෙන් ලබා දෙන්නක් බවට ව්‍යාජ තොරතුරක් මේ වන විට මෙම දේශපාලකයා නියෝජනය කරන පක්ෂයේ ඉහළ නායකයන්ට දැනුම් දී තිබේ.

තවමත් නිශ්චිතව හඳුනා නොගත් මෙම ඉන්දියානු ජාවරම්කරුවන්ට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධතා තිබිය හැකි බවත් ඔහුට නිදහසේ ඉන්දියාවට වී සිය ජාවාරම් මෙහෙයවීමට හැකිව ඇත්තේ එම සම්බන්ධතා නිසා බවත් විමර්ශකයන් සැකකරන බවත් එම තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේ වන විට මේ කුඩු ජාවාරම්කරුවන්ගේ මේ දේශපාලන ජාලය සම්පුර්ණයෙන්ම හෙළිදරව් කරගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් සිදු කිරීම විය යුතු නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිසි උපදෙස් නොලැබීම නිසා මේ සම්බන්ධයෙන් කටයුතු කළ පොලිස් නිළධාරිින් කණගාටුවෙන් පසුවන බවත් එම ආරංචි මාර්ග පවසයි.

මීට අමතර මෙරට කුඩු සල්ලිවලින් යැපෙන තවත් දේශපාලන ජාලයක් පිළිබඳ තොරතුරු ගනනාවක් පසුගිය කාලයේ හෙළිදරව් වී තිබිණි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය මහජන නියෝජිතයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වීම සමඟ එම ජාලය ගැන වැඩිමනත් තොරතුරු හෙළිකරගැනීමට පොලිසිය සමත්ව තිබිණි.

එසේම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ සිහිනයක පසුවන විපක්ෂයේ ප්‍රබලයකු මේ වන විටත් ඒ වෙනුවෙන් අති විශාල මුදලක් වැයකරමින් සිටීම ගැන විමර්ශනය කළ බුද්ධි සේවා එම දේශපාලකයා සහ මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාල නායකයකු සමඟ සමීප ඇසුරක් ඇති බවට තොරතුරු අණාවරණය කරගෙන තිබේ.

කෙසේ නමුත් එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මෙම මත්ද්‍රව්‍ය ජාවාර මැඩ පැවැත්වීම වෙනුවෙන් විශාල උනන්දුවකින් මුල් කාලයෙහි පසුවූවද මේ වන විට ඔහු නිහඬ වී ඇති බවත් පොලිසිය බාර මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර ද මේ පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වන බවත්ය.

 1,356 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply