දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන්!

පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට යුපුන් අබේකෝන් සමත් වි තිබේ.

ඒ ඊයේ දිනයේ ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකදීය.

යුපුන් අබේකෝන් එහිදී පිරිමි මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.16කින් නිම කළේය.

යුපුන් අබේකෝන් එලෙස බිඳ හෙලුවේ පසුගිය වසරේ හිමාෂ ඒෂාන් විසින් එම ඉසව්ව තත්පර 10.22කින් නිමකරමින් තබා තිබූ වාර්තාවයි.

 1,542 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply