සමාජය තුළ පවතින නීති විරෝධී ගිනි අවි සහ බෝම්බ සම්බන්ධයෙන් ඔත්තු දෙන මහජනතාවට රුපියල් දස දහසේ සිට රුපියල් දෙලක්‍ෂ පනස් දහස දක්වා ත්‍යාග මුදල් දීමට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

එසේම, මෙම වැටලීම් සිදු කරන පොලිස් නිලධාරීන්ටද ගිනි අවි අනුව ත්‍යාග මුදල් ලබා දෙන බවද ඒ මහතා කියා සිටියේය. 

රුපියල් දස දහසේ සිට රුපියල් දෙලක්‍ෂ පනස් දහස දක්වා වූ ත්‍යාග මුදල් මෙහිදී ජනතාවට හිමි වේ. 

ටී-56 ගිනි අවියක් සඳහා උපරිම මුදල වූ දෙලක්‍ෂ පනස් දහසේ මුදල හිමි වේ.

*චාමර අමරසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here