අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

කරුණු 10ක් යටතේ එම විශ්වාසභංග යෝජනාව සකස්කර ඇති සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉන්ධන මිල වැඩි කර ඇතැයි පෙනී යන බවය.

අද (ජූනි 16) කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී ඊට අත්සන් තැබීම ආරම්භ කර ඇති අතර කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, මේ වන විට සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකු පමණ ඊට අත්සන් කර ඇති බවය.

ඒ අනුව, එම විශ්වාසභංග යෝජනාව හෙට (ජූනි 17) හෝ අනිද්දා (ජූනි 18) දිනයේදී කතානායකවරයා වෙත භාර දීමට නියමිත බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 431 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply