ඉන්දීය ව්‍යාපාරිකයෙක් පුතුගේ උපන් දින සැමරුමට දඹුල්ලේ පවුල් 500කට පිහිට වෙයි!

දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් අවදානම නිසා අසරණව සිටි  පවුල් පන්සියයක් සඳහා වියළි ආහාර බෙදාදීම ඉන්දියානු  ජාතිකයකු සහ සංචාරක හෝටල් ව්‍යාපාරිකයකු විසින් 16 දින දවස පුරා සිදුකොට ඇත.

 දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ ඉල්ලීමක් පරිදි  තිලංකා හෝටල් සමූහ ව්‍යාපාරයේ අධිපති ජෙෆ් ගුණවර්ධන මහතා සහ ඩුබායි රාජ්‍යයේ ආකාශ් ග්‍රීන් එනර්ජි ආයතනයේ අධිපති  රාම් සුබ්‍රමනියම්  මහතා විසින්  ඔවුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම වියළි ආහාර මලු ලබාදීම සිදු කොට තිබේ.

 මෙම වියළි ආහාර ලබාදීම  අරමුණු දෙකක් මුල්කරගෙන තිබේ. එනම් ලබන විසි වන දින ලෝක පියවරුන්ගේ දිනය සැමරීම සඳහාත්, ඩුබායි ව්‍යාපාරික ආකාශ් ග්‍රීන් එනර්ජි  අධිපති ඉන්දියානු ජාතික රාම් සුබ්‍රමනියම්  මහතාගේ පුතෙකු වන රාම් ආදිත්‍ය  දරුවාගේ ජන්ම දිනය සැමරීමත් බව දඹුල්ල  නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවැසීය.

 කණ්ඩායම් මුලින්ම ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ සියම් මහ නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහ නායක ආචාර්ය  ඉනාමළුවේ ශ්‍රී   සුමංගල මහ නා හිමියන් බැහැ දැක සංචාරක කර්මාන්තයේ  කඩා වැටී ඇති තත්ත්වය පිළිබඳව පරිසරය ආරක්ෂා කර ගැනීමෙන් මෙරට සංවර්ධන කටයුතු සිදු කළ යුතු ආකාරයත් එමෙන්ම පියවරුන් ලෙස ලෝකයේම පියවරුන් රටට ලෝකයට වැඩදායි පියවරුන් බවට පත් කිරීමට උපදෙස් අනුශාසනා ලබා ගත්තේය.

 ඒ අනුව  ඉනාමළුවේ සුමංගල මහ නා හිමියන් පිරිසට අවවාද කරමින් කියා සිටියේ දේශීය සංචාරක ව්‍යාපාර මෙරට ජනතාව සඳහා පහසුකම්වලට මුල්තැන ලබාදීමට සංචාරක කර්මාන්තයේ  අවධානය යොමු කළ යුතු බවය.

සංචාරක හෝටල් ව්‍යාපාරිකයන් දේශීය සංචාරකයා අමතක කොට විදේශීය සංචාරකයාගෙන් පමණක් යැපෙන්නට ගමන් කිරීම තුළින් මේ වන විට ව්‍යාපාරය කඩා වැටී ඇති බවය. 

එමෙන්ම කාබනික පොහොර ව්‍යාපෘතීන් පරිසරය ආරක්ෂා කර ගැනීම වැනි ව්‍යාපෘතීන් සඳහා සංචාරක හෝටල් ව්‍යාපාරිකයන්ගෙන් දායකත්වය ලබාදිය යුතු බවද උන්වහන්සේ අවවාද අනුශාසනා කරන්නට වූහ.

 පසුව මෙම කණ්ඩායම  උයන්වත්ත  පුරාණ විහාරස්ථානයේ පවත්වාගෙන යන සාමනේර භික්ෂු අධ්‍යාපන ආයතනයට මෙන්ම ශ්‍රී  ජිනරතන ළමා නිවාසයේ දරුවන්ගේ ආහාර අවශ්‍යතාවන් මෙන්ම එහි ඇති අඩුපාඩු සොයා බලන්නට වූහ. 

පසුව මුළු ලෝකෙම දුවා දරුවන්ගේ තාත්තා කෙනකු හැටියට ඉන්දියානු ජාතික රාම් සුබ්‍රමනියම් මහතා මෙම විහාරස් විහාරස්ථානයේ සිටින මවුපියන් අහිමි දරුවන්ගේ  ඉදිරි අනාගතය සඳහා එක් මසකට රුපියල් ලක්ෂය බැගින් ඉදිරියේදී පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කළේය.

 පසුව එම ප්‍රදේශයේ ජනතාවට වියළි ආහාර මලු ලබාදීමෙන් අනතුරුව අතුපාරයාය ශ්‍රී  බෝධිරුක්ඛාරාමය, රන්දෙණිය රජමහා  විහාරස්ථානය, ගල්වටියාය   විහාරස්ථානය,  කපුවත්ත  විහාරස්ථානය හා විහාරස්ථාන  රැසකට ගමන් කරමින් එම ප්‍රදේශවල තෝරාගත් පවුල් සඳහා වියළි ආහාර භාණ්ඩ ලබා දෙන්නට වූහ.

 දඹුල්ල නගරාධිපතිවරයාගේ නිවෙසේ  රැස්ව සිටි විශාල පිරිසකටද වියළි ආහාර මලු ලබාදීමට මෙම කණ්ඩායම පියවර ගත්හ.

 ලෝක පියවරුන්ගේ දිනය සැමරීම් සඳහා මුළු ලෝකයේම පියවරුන් දුවා දරුවන් වෙනුවෙන්  පරිත්‍යාගශීලී වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා තම පුත්‍රයාගේ  උපන්දිනයට මෙවැනි පින්කම ලංකාවේ  සිදු කිරීමට හැකි වූ බවත් ඊට අමතරව තිලංකා හෝටල් සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයා වන ජෙෆ් ගුණවර්ධන මහතා දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සමඟ එක්ව  මුළු ලෝකෙම හෙට රට භාර ගැනීමට ඉන්නා දුවා දරුවන් වෙනුවෙන් පියෙකුගෙන් විය යුතු යුතුකම් ඉටුකරලීම සඳහා රුක් රෝපණ වැඩසටහනක්ද  ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දියානු ජාතික ව්‍යාපාරික රාම් සුබ්‍රමනියම් මහතා පැවැසීය.

 එමෙන්ම දඹුල්ල ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පියවරුන් පන්සියයක් දෙනා සඳහා රැකියා උත්පාදනය කිරීමේ නව වැඩපිළිවෙළක් දඹුල්ලේ ක්‍රියාත්මක කිරීමට තම ව්‍යාපාරික ආයතන සැලසුම් සකස් කොට තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

 584 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply