වට වංගු නෑ..කෙලින් වැඩ. ගෝටාභය දෙමල සන්ධාන යෝජනාවලිය නොකියවාම විසි කර දමයි..

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්දයෙන් දෙමල ජාතික සන්දානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ලියවිල්ල ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාබය රාජපක්‍ෂ මහතා විසින් සලකා බැලීමක් තබා කියවා බැලුවේවත් නැති බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සියළු සුළු ජන කොටස්වලට ජීවත් වීමේ සම්පූර්ණ අයිතිය ඇති නිසා ජාතිකත්ව පදනමින් යෝජනා අත්සන් කිරීමක් අවශ්‍ය නැතැයිද ඒ මහතා කීවේය.

දෙමල ජනතාවට කිසිදු අසාධාරණයක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු නොකරන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමිනි.

 385 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply