ඉදිරි ජනාධිපතිවරණය සම්බන්දයෙන් දෙමල ජාතික සන්දානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ලියවිල්ල ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාබය රාජපක්‍ෂ මහතා විසින් සලකා බැලීමක් තබා කියවා බැලුවේවත් නැති බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සියළු සුළු ජන කොටස්වලට ජීවත් වීමේ සම්පූර්ණ අයිතිය ඇති නිසා ජාතිකත්ව පදනමින් යෝජනා අත්සන් කිරීමක් අවශ්‍ය නැතැයිද ඒ මහතා කීවේය.

දෙමල ජනතාවට කිසිදු අසාධාරණයක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු නොකරන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here