මන්ත්‍රී වාහන ගේනවාද, නැද්ද? – ඇමති මහින්දානන්දගෙන් රජයේ ස්ථාවරය එලියට!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීම සිදුනොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ වාහන ආනයනය කිරීමේ යෝජනාව තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බවය.  ඒ අනුව කිසිදු වාහනයක් ආනයනය කිරීමට පියවර නොගන්නා බව ඊයේ ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වු 360 වැඩසටහන සමග එක්වෙමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

“මේ වාහන ගැන සියලු දෙනාගේම තීරණය වුණේ මේ මොහොතේ වාහන ගෙන්විය යුතු නෑ කියන එක. වාහන ගෙන්වන තීන්දුව ගත්තේ කථානායකතුමා විසින්, මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර දෙන්න ඕනේ. එල් සී විවෘත කරලා තියෙන්නේ ගිලන් රථ සඳහායි.”

 733 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply