හන්තාන කඳුවැටිය හෙළි කිරීම ගැන පිරිසකට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග!

මහනුවර හන්තාන කඳුවැටියේ මීටර් 3000කට ඉහළ පරිසර සංවේදී කලාපයේ අක්කර 19ක පමණ භූමි ප්‍රදේශයක් එනසල් වගාවක් සිදු කිරීම සඳහා එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් ලබන 16 වැනිදා දින රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසකට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසමහනුවර අතිරේක මහේස්ත්‍රාත් සරිෆ් ඩින් මහතා අද (07) නොතීසි නිකුත් කළේය.

හන්තාන සුරැකීමේ සංවිධානය විසින් මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී   මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කර තිබේ.  

ඒ අනුව එදිනට සභාපති මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් ගඟවටකෝරලය, මධ්‍යම පළාත් අධ්‍යක්ෂක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, අධ්‍යක්ෂ ජනරාල් වන සත්ත්ව හා තුරුලතා, අඩවි වන නිලධාරි සහ මධ්‍යම පළාත් ඉඩම් නිලධාරි යන අයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේය .

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ප්‍රශ්නයට තුඩුදී ඇති ඉඩම මීට වසර තිහකට පෙර එනම් 1990 වසරේ නොවැම්බර් මස 30 වැනි දින පමුණුව ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවකු වන අන්දිරිස් ජයසිංහ නැමැති අයෙකුගෙන් මිලදී ගත් ඉඩමක් බවත් එය තමන්ගේ පෞද්ගලික ඉඩමක් බවත්ය.

 378 total views,  16 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply