පියවරුන්ට බොන්න දී දියණියන්ව පැහැරගෙන!

වෙළෙඳාම් කටයුතු සඳහා පැමිණි තරුණයින් දෙදෙනෙකු විසින් නිවෙස් දෙකක පියවරුන් දෙදෙනෙකුට මත්පැන් ලබාදී ඔවුන්ගේ නිවෙස්වල සිටි 15 හැවිරිදි දියණියන් දෙදෙනෙකු රවටාගෙන පැහැරගෙන ගිය පුවතක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා විය.

පසුගිය 12වනදා රාත්‍රියේ එම පැහැර ගැනීම සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත අදාළ 23 හැවිරිදි සහ 22 හැවිරිදි විවාහක තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

බාලවයස්කාරියන් දෙදෙනෙකු පැහැරගෙන යෑමට ඔවුන්ට උදව් කළ තවත් තරුණයින් දෙදෙනෙකු සහ දියණියන් දෙදෙනා නිවසක රඳවාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු ද පසුව අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකළ ලග්ගල පොලීසිය පැවසුවේ දියණියන් දෙදෙනා පැහැරගෙන ගිය සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.

ඒ අනුව පැහැර ගැනීමෙන් පැය 24ක් ගතවන්නටත් පෙර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබුණි.

වැඩිදුර විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෙළෙඳාම් කටයුතු සඳහා නිතර එම ගම්මානය වෙත පැමිණෙන මෙම තරුණයින් දෙදෙනා දියණියන් සිටින පියවරුන් සමග ඉතා සූක්ෂම ලෙස හිතවත්කම් ගොඩනගා ගනිමින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවය.

 488 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply