රජය මන්ත්‍රී වාහන ගෙන්වීම නවත්වයි – සජිත් ඇතුළු නඩය වාහන එපා කියමින් මාධ්‍ය සංදර්ශන අරඹයි!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවමින් අදාළ ඇනවුම සම්පූර්ණයෙන්ම අවලංගු කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

මෙය වාහන ආනයනය කිරීමට අවස්ථාවක් නොවන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට 07 දා යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම වාහන ආනයනය අත්හිටුවීමට රජය මේවන විට තීරණය කර තිබෙන බවත් ඒ මහතා කීය. මධ්‍යම පළාත් සභා ශ්‍රවානාගරයේදී පෙරේදා (12) පැවැති රැස්වීමකින් අනතුවරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වාහන ආනයනය කිරීම අවලංගු කිරීමට පසුගිය 07 දින තීරණය කිරීමෙන් පසු 08 හා 09 දිනවල අදාළ බැංකු සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධව පැහැදිලි එකඟතාවකට පැමිණි බවත් ඒ අනුව ඉදිරි වැඩකටයුතු සිදුවෙමින් පවතින බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම ජනතාව නොමග යවමින් මන්ත්‍රීවරුන් හට වාහන ගෙන්වන බවත් ඔවුන් එම වාහන ප්‍රතික්ෂේප කරන බවටත් හඬ නැගුවද ඇත්ත කතාව වාහන ගෙන්වීම රජය මගින් නවතා දමා ඇති බවයි. රජය වාහන ගෙන්වන නවත්වන තීරණය ගන්නා තුරු හිඳ විපක්ෂය වාහන එපා කීම සැබවින්ම විහිලු සහගතය.

 1,196 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply