‘තෙල් බාලා’ගේ දියණිය STF අත්අඩංගුවට!

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වන ‘තෙල් බාලා’ නමැති පුද්ගලයාගේ දියණිය ඊයේ (ජූනි 12) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කරුප්පයියා නිර්මලා නමැති එම සැකකාරිය විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියගේ පියා මෙරට අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වන අතර ඔහු ඉන්දියාවට පළා ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීට වසර තුනකට පමණ පෙර එම පුද්ගලයා ඉන්දියාවේදී මිය ගොස් ඇති බවට වාර්තා වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 559 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply