සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් පැහැදිලි කිරීමක්!

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සදහා අවශ්‍ය එන්නත් මාත්‍රා ලැබී ඇති බැවින් ඒ පිළිබද අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ සදහා එන්නත් පහලොස් ලක්‍ෂ පනස් දහසක් දැනටමත් ලැබී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේ.

ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන්ට ද ඉදිරියේදී එහි දෙවන මාත්‍රාව ලබාදෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

 488 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply