තුන්වන මාත්‍රාවක් ලබා දිය යුතු ද? විශේෂඥ මතය විමසයි!

එන්නත්කරණය සඳහා තුන්වන මාත්‍රාවක් ලබා දිය යුතු ද යන්න පිළිබඳව සොයා බැලිමට ඖෂධ නිෂ්පාදන සැපයුම් හා ප්‍රවර්ධන රාජ්‍ය අමාතයංශයේ අවධානය යොමු වී තිබේ.
රාජ්‍ය අමාත්‍යං මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සිය විශේෂඥ මතය අමාත්‍යංශයට දැනුම් දෙන්නැයි, ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් දී ඇති බවයි.

මේ වන විට ලොව පුරා තුන්වන මාත්‍රාවක් ලබා දිම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වෙත අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ ය.

 701 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply