සජිත්ට විශ්වාසය පල කිරීම මෝඩ වැඩක් බව හරින් කියයි

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට විශ්වාස පළකරන විශේෂ යෝජනාවක් හදිසියේම එම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් සම්මත කර ගැනීම මෝඩ සහ අනවශ්‍ය ක්‍රියාවක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි .

මාධ්‍යවේදීන් පිරිසක් සමග සිදු කළ අදහස් දැක්වීමක දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් සිදු කරනවා නම් එය සිදුකරන්නට සිටින පුද්ගලයා තමන් බවයි.

එහෙත් එවැනි කුමන්ත්‍රණයක් සිදු නොවන බවද හෙතෙම පැවසීය.

පක්ෂය තුළ මතභේද පවතින්නේදැයි යන්න විමසනවිට මන්ත්‍රීවරයා මෙලෙස පැවසීය

‘‘එහෙම මතභේදයක් නැහැ. මම නම් පසුගිය මාස එකහමාරක කාලය නිවාඩු අරගෙනයි සිටියේ. ඒ නිසා පක්ෂය ඇතුළේ ලොකු අභ්‍යන්තර අර්බුදයක් තියෙනවාද කියලා මම නම් දන්නේ නැහැ. මම දන්න තරමින්නම් අර්බුදයක් නැහැ.’’

 1,540 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply