කොවිඩ් එන්නත ගත්තොත් කංසා සමඟ බියර් නොමිලේ!

කොවිඩ්-19 ට එරෙහිව තවදුරටත් සිය වැසියන් එන්නත්කිරීමේ අරමුණෙන්, එන්නත ලබා ගැනීමේදී මර්ජුවානා වඩියක් නොමිලේ ලබාදීමට ඇමෙරිකාවේ වොෂිංටන් ප්‍රාන්තය තීරණය කර තිබේ.

‘ජොයින්ට්ස් ෆෝ ජැබ්ස්’ (Joints for Jabs) ලෙස නම් කර ඇති මෙම ප්‍රවර්ධනය වහාම ඵලදායී ප්‍රතිඵල පෙන්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වැඩසටහන යටතේ වයස අවුරුදු 21කට වැඩි පුද්ගලයෙකු පළමු හෝ දෙවැනි මාත්‍රාව ලබාගත් විටදී, මෙලෙස ඔතන ලද ගංජා වඩියක් ලබාගැනීමට හැකිවනු ඇත.

එම ප්‍රාන්තය විසින් නිවේදනය කර ඇති අනෙකුත් ප්‍රතිලාභ අතර, ලොතරැයි දිනුම්, ක්‍රීඩා තරග සඳහා ප්‍රවේශ පත්‍ර, පරිඝණක ක්‍රීඩා පද්ධති ද වේ.

මීට අමතරව, වොෂිංටන් හා නිව් ජර්සි ප්‍රාන්ත වල කොවිඩ් එන්නත් ලබාගන්නන් සඳහා නොමිලේ බීර ලබාදෙන බවටද බලධාරීන් පවසා ඇත.

 823 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply