සංචරණ සීමා මැද අධිවේගයේ 7, 8 දිනවල වාහන ලක්‍ෂයක් ගිහින්!

සංචරණ සීමා පැවතියද ඉකුත් 7 හා 8 යන දෙදින තුළ අධිවේගී මාර්ගවල වාහන ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කර ඇති බව අනාවරණය වෙයි.

ඉකුත් 7 වැනි දින වාහන පනස්එක් දහස් හත්සියයක්ද 8 වැනි දින වාහන හතළිස්හත් දහසක්ද එසේ ධාවනය වී ඇති බවත් ඉන් රුපියල් දෙකෝටි පනස් ලක්‍ෂයක පමණ මුදලක් උපයාගෙන ඇති බවත් අනාවරණය වෙයි.

ධාවනය වී ඇති වාහන අත්‍යවශ්‍ය සේවාවන් සඳහා භාවිත කළ ඒවා මෙන්ම ගිලන් රථ බවද වාර්තා වෙයි.

අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන වාහන සංඛ්‍යාව සියයට හැටකින් පමණ අඩුවී ඇති බවද ආදායම් තත්ත්වයද හරි අඩකින් අඩුවී ඇති බවද මේ පිළිබඳව විමසීමේදී අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ඉන්ජිනේරු මිහාල් ලොඩ්වික් මහතා පැවැසීය.

සංචරණ සීමා නොමැති වෙනත් දිනවල අධිවේගී මාර්ගවල එක් දිනක ආදායම රුපියල් දෙකෝටි පනස් ලක්‍ෂයක් බවද වාර්තා විය.

 277 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply