සුළං විදුලි බලාගාරයේ කෑලි හොරෙන් ගලවාගෙන යයි !

තලෙයිමන්නාරම ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින සුළං විදුලි බලාගාරයට අයත් කේබල් තොගයක් කපා රැගෙන ගිය පුද්ගලයන් 7 දෙනකු අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර සුලි විදුලි බලාගාරයේ ආරක්ෂාවට සිටින පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ද වන බව පොලිසිය පැවසීය.

අදාල සැකකරුවන් විසින් මේ වන විට සුලං විදුලි බලාගාරයෙන් කේබල් මීටර් 340 ක් පමණ කපා රැගෙන ගොස් ඇති බවට අනාවරනය වී ඇත.

විදුලි මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික සමාගමක් විසින් මෙම සුළං විදුලි බලාගාරය ඉදි කරමින් පවතින අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවට පරික්ෂණ සිදුකරන තලෙයි මන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 272 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply