එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ යකඩ බෝයාවක් මොරගල්ලෙන් ගොඩට

ගිනිගෙන දැවුණු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ බවට සැක සිතිය හැකි කිලෝ 250 ක් පමණ බරකින් යුත් යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයේ පාවෙමින් තිබියදී ඊයේ (10) උදෑසන ගොඩගෙන තිබේ.
 
 පෙරේදා පස්වරුවේ වෙරළට මීටර 300 ක් පමණ ඈතින් විශාල යකඩ කොටසක් පාවෙමින් තිබෙනු ප‍්‍රදේශයේ ධීවරයන් දැක ඇති අතර ඊයේ උදෑසන වනවිට එය මොරගල්ල රන් සැතැපුම් වෙරළ තීරයට ආසන්නව පාවෙමින් තිබී ඇත.
 
 ඒ අනුව අඅලුත්ගම ධීවර පරීක්ෂකගේ අධීක්ෂණය යටතේ ප‍්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව බෝට්ටුවක් සහ කඹ යොදා ගනිමින් මොරගල්ල ප‍්‍රධාන සංචාරක හෝටලයක් පිටුපස වෙරළට ඇද දමා තිබුණි.
 
 අඩි 7 ක පමණ උසකින් යුත් කිලෝ 250 කට ආසන්න බරකින් යුත් යකඩ බෝයාව පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනයට භාරදීමට කටයුතු යොදා ඇතැයි එහි ප‍්‍රකාශකයකු පැවසීය.

 155 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply