දැන් සුවයි : සජිත් – ජලනි යුවළ ගෙදර යති !

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි පේ‍්‍රමදාස මහත්මිය අද (11) කොවිඩ් ප‍්‍රතිකාර නිමාකොට සිය නිවස බලා පිටත්ව යෑමට නියමිතය.
 
 පසුගිය මැයි 28 දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී විපක්ෂනායකවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු විණි. ඊට පෙර දිනයේ ඔහුගේ බිරිඳට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබිණ. ඒ අනුව දෙදෙනාම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක එකම කාමරයක සිට ප‍්‍රතිකාර ලබමින් සිටියහ.
 
 විපක්ෂනායකවරයා සහ බිරිඳ මේ වනවිට සම්පූර්ණ සුවයෙන් පසුවන අතර දින කිහිපයකින් අනතුරුව විපක්ෂනායකවරයා නැවතත් සකී‍්‍රය දේශපාලන කටයුතුවල නිරතවනු ඇත.

 361 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply