යහපාලනයෙන් පාඩු ලැබූ ලංකා ලුණු සමාගම අද මිලියන 47ක් ලාභ ලබයි

යහපාලන පාලනය යටතේ 2019 වසරේ දී රුපියල් මිලියන 200ක් පාඩු ලැබූ හම්බන්තොට ලංකා ලුණු සමාගම 2020 වසරේදී රුපියල් මිලියන 47ක ලාභයක් ලබා ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ මහතා පවසයි. පවතින වසංගත තත්ත්වය හමුවේ ද 2021 වසර අවසානය වන විට රුපියල් මිලියන 70ක පමණ ලාභයක් බලාපොරොත්තු විය හැකි බවද ඔහු අවධාරණය කරයි.

මෙම ලාභය ඉලක්කම් තුනකට ඉහළ නැංවීම සඳහා පසුගිය වසරේ ආරම්භයේ සිට මම ශක්‍ය ව්‍යාපෘති යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව නිශාන්ත සඳබරණ මහතා පවසයි.

කැනඩාව, යුරෝපය, ජපානය, චීනය සහ දකුණු අමෙරිකාව ආදී රටවල් හිම දිය කිරීම සඳහා ‘රෝඩ් සෝල්ට්’ බහුලව භාවිතා කිරීම ශ්‍රී ලංකාවට මහගු අවස්ථාවක් බව පවසන සඳබරණ මහතා වැඩිදුරටත් මෙසේ පවසයි.

මෙම අවස්ථාව හඳුනා ගෙන මම තානාපති කාර්යලා හරහා යුරෝපයේ නගර සභා කීපයක් සමඟ සාකච්ඡා කළා. මෙය දේශීය අපනයනයේ නව වෙළෙඳ භාණ්ඩයක් වන අතර ඒමඟින් ඩොලර් මිලියන 200 කට අධික වාර්ෂික ආදායමක් ශ්‍රී ලංකාවට ලබා ගත හැකියි.

ඒ් සඳහා අප ශ්‍රී ලංකාවේ රුපියල් මිලියන 300ක කර්මාන්ත ශාලාවක් ඉදිකළ යුතුයි. ඊට ආයෝජනය කිරීමට උනන්දු පෞද්ගලික සමාගම් තුනක් මා සමඟ සිටිනවා. අප සතුව අක්කර 200ක පමණ තැනිතලා බිම් තිබෙනවා. හම්බන්තොට ලංකා ලුණු පරිශ්‍රය සම්පූර්ණයෙන් සූර්යබල ශක්තියෙන් මෙහෙයවීමේ ව්‍යාපෘතියක් මම ඉදිරිපත් කර තිබෙනවා. ඒමඟින් පළමුව මාසික විදුලි බිල්පත රුපියල් බිලියන 2.5ක් ඉතිරි කර ගත හැකි අතර දෙවනුව මාසිකව රුපියල් මිලියනයක අමතර ආදායමක් ලබා ගත හැකියි.

ලංකා ලුණු සමාගම ලුණු ගොඩවල් ආවරණය කරන පොලිතින් හා තල් කොළ සඳහා වාර්ෂිකව රුපියලි මිලියන 30 ක් වැය කරනවා . මගේ සැලසුම නම් මේ සඳහා ස්ථිර කොන්ක්‍රීට් ව්‍යුහයක් ඉදිකිරීම සහ වහලට සූර්ය කෝෂ සවි කිරීම කිරීමයි. මෙම අදහස අැමැති නාමල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ පසු ඒම කොන්ක්‍රීට් බන්කර් ඉදිකිරීමට පමණක් නොව වහල මත සූර්ය කෝෂ ස්ථාපනය කිරීමටද අයෝජකයන් සොයා ගත් බව ඔහු පැවසීය.

මෙම ව්‍යාපෘති දෙක අනෙකුත් සංවර්ධන යෝජනා සමඟ අනුමැතියට යොමු කළද, ලංකා ලුණු සමාගමේ 90%ක් කොටස් හිමි සේවක අර්ථසාධක අරමුදල (EPF) කිසිදු සාධාරණ හේතුවකින් තොරව ඊට විරෝධය දැක්වීම හේතුවෙන් මෙම ව්‍යාපෘති ආරම්භ කළ නොහැකි වූ බව සඳබරණ මහතා පැවසීය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන තන්ත්‍රය යටතේ ලංකා ලුණු පෞද්ගලිකරණය කිරීමට සැලසුම් කර තිබිය දී එහි ගැලවුම්කරුවා වූයේ එවකට හිටපු කම්කරු ඇමැති මහින්ද රාජපක්ෂ මහතා බව ඔහු සිහිපත් කෙළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙම ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑම සඳහා ඔහුගේ මැදිහත්වීම ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කෙළේය.

නැව ගිනි ගැනීමේ සිදුවීමෙන් ලුණු නිෂ්පාදනයට කිසිදු බලපෑමක් ඇති නොවන බවද අඛණ්ඩව ලුණු සැපයීම සහතික වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

 623 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply