කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාවක් අවශ්‍යනම් දැන්ම ඇනවුම් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්! [VIDEO]

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර ඇති බවත් ශ්‍රී ලංකාවද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදුනි.

ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් එම තරගකාරී තත්ත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡාකර සහාය ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිදභාවයකින් හා විධිමත්ව ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ වනවිට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබා දීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙලෙන සියලුදෙනාටද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුනි.

වැඩි පිරිසකට එන්නත් ලබාදීමෙන් කොවිඩ් වසංගතය පැතිරයාම සහ ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වාගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

 278 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply