“කාබනික ගොවිතැන මේ රටේ කල හැකියි” – සිහින දකින ප.ච. රණවකට පාහියංගල හිමිගෙන් අභියෝගයක්! [VIDEO]

රසායනික පොහොර සහ රසායන ද්‍රව්‍ය තහනම් කරමින් මෙරට ගොවිතැන කාබනික වගාවන් සඳහා යොමුකරවීමට රජය ගෙන ඇති තීන්දුව විවේචනයට හා අභියෝගයට ලක් කරමින් විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම චෝදනා එල්ල කරන කරමින් සිටී.

මාධ්‍ය හමුවක් පවත්වමින් විපක්ෂ සමගි ජනබලවේග මන්ත්‍රී චම්පික රණවක පැවසුවේ කාබනික ගොවිතැනට අවශ්‍ය පොහොර නිපදවීම සඳහා මෙරට සම්පත් පවා ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත් චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසන්නේ චම්පික රණවක නොදන්නා දේවල් ගැන කතා කිරීමෙන් වැලකි සිටිය යුතු බවකි. උන් වහන්සේ පවසන ආකාරයට කාබනික හා ජෛවීය ගොවිතැන සම්බන්ධයෙන් මෙරට සාර්ථක ව්‍යාපෘති සිදු කර ඇති බවත් එයට අවශ්‍ය සම්පත් මෙන්ම දැනුම සහිත පුද්ගලයින්ට සිටින බවයි. කාබනික ගොවිතැන කල හැකි සහ රටේ අනාගතය ගැන සිතා කල යුතුම දෙයක් බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ  ඕනෑම මාධ්‍යක මේ සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස චම්පික රණවක මන්ත්‍රීවරයාට අභියෝග කර සිටී.

පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ කල ප්‍රකාශය පහතින්…

 809 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply