මියගිය ව්‍යාපාරිකයෙකුගේ රත්තරන් හොයන්න මිනී වල හාරලා

වසර 10 කට පෙර මිය ගිය ව්‍යාපාරිකයා මිහිදන් කල ස්ථානයේ කැනීම් කොට රත්තරන් සෙවූ දෙදෙනෙකු යාපනය, වැල්වැටිතුරෙයි, උරිකාඩු හි සුසාන භූමියේදී අත්අඩංගුවට ගත් බවට වැල්වටිතුරෙයි පොලීසිය පවසයි.

උරියකාඩු සුසාන භූමියෙහි වසර දහයකට පෙර වළදැමූ මිනී වළවලක් තුළ කැණීම් කොට රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහ කරන පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලීසිය වෙතට යුදහමුදා නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිනිවළ හාරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ධීවර රැකියාව කරන අතර  වසර ගණනක සිට උරිකාඩු හි සුසාන භූමියේ කුලීපදනම මත මිය ගිය අය වෙනුවෙන් මිනී වළවල් හැරීමද සිදුකරන බවයි.

මීට වසර දහයකට පෙර මියගිය ව්‍යාපාරිකයෙකු සතු රත්තරන් සමගින් මිහිදන් කොට ඇති බවට ප්‍රදේශයේ පැතිරගිය කටකතාවක් හේතුවෙන් සැකකරුවන් දෙදෙනා එම මිනීවළ හාරා රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහදරා ඇති බව පොලිසියට තොරතුරු ලැබී ඇත.

 437 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply