“එන්නත විකුණාගෙන කන ජරා දොස්තරලා” – මේ හොරා ගැන වෛද්‍ය සංගමයයේ තීන්දුව කුමක්ද?

අධි අවදානම් කාලපයක් ලෙස හඳුනා ගැනුණු ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දුන් එන්නත් මුදලට විකිණීම සහ එම එන්නත් විශාල ප්‍රමාණයක් අවභාවිතය පිළිබඳව මේ වන විට තොරතුරු රැසක් එලිවෙමින් පවතී.
ගාල්ල වසංගත රෝග වෛද්‍ය වෙනුර සිංගාඅරච්චි දිස්ත්‍රික් සෞඛ්‍ය නිළධාරී වෛද්‍ය ජීවරත්න සහ බෝපේ පෝද්දල සෞඛ්‍ය සේවා නිළධාරී වෛද්‍ය ලසන්ත ඇතුළු පිරිසක් මෙම අවභාවිතයේ අයතා ගනුදෙනු වලට සම්බන්ධ වී ඇති බවට වාර්තා වනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සහ ක්ෂේත්‍ර නිළධාරීන්ට හිමිවීමට තිබූ එන්නත් විශාල ප්‍රමාණයක් පෞද්ගලික හිතවතුන්ට සහ මුදලට විකිණීම නිසා අස්ථානගතවී ඇති අතර කොවිශීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව රු.10.000/= රු.15.000/= ත් අතර මුදලකට නිරෝධායන නීති කඩ කරමින් කොළඹ සිට පැමිණි ව්‍යාපාරිකයන් හට ලබා දී ඇති බවයි කියැවෙන්නේ.
දැනට වසර 11 කට ආසන්න කාලයක් ස්ථාන මාරු නියෝග පැහැර හරිමින් සිය නම පවා ස්ථාන මාරු ලේඛන කූට ලෙස වෙනස් කරමින් සමස්ථ වෛද්‍ය වෘතියටම නිගා දෙමින් මෙම වෙනුර සිංගාඅරච්චි වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව සෞඛ්‍ය අංශ ගාන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මුලු රටම බලා සිටින බවට ෆේස්බුක් හරහා නිවේදනයක් නිකුත් කරන එන්නත් අහිමිවූ ගාලු ජනතා හඩ නම් සංවිධානයක් කියා සිටිනවා.

ඒ පිළිබඳව වාර්තා කල ෆේස්බුක් සටහන පහතින්…