“දුරකථන හා පරිගණක මිල අධිකව ඉහල ගිහින්” Online ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් හිමිනමක් ජනපතිට ලියයි!

මේ දිනවල රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ඉගෙන ගන්නා වයසේ සිටින දරුවන් සිය අධ්‍යාපන කටයුතු Online ක්‍රමවේද හරහා සිදු කරනවා. පාසල්ද වසා දමා තිබෙන බැවින් පාසල් ගුරුවරුන් මෙන්ම අමතර පන්ති ගුරුවරුන්ද සිය අධ්‍යාපන කටයතු Online ක්‍රමවේද හරහා සිදුකරමින් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා කැපවනවා.

කෙසේ නමුත් ඇති හැකි දෙමාපියන්ගේ දරුවන්ට මේ ක්‍රමය ගැටළුවක් නොවුවත් අඩු අදායම් ලාභී දෙමව්පියන් හා දරුවන් දැඩි පීඩාවකට මුහුණ දෙමින් සිටින්නේ ඉගෙනීම් කටයුතු වලට අවශ්‍ය ස්මාර්ට් දුරකතනයක් හෝ පරිගණක යන්ත්‍රයක් ලබා ගනේමයි එමෙන්ම ඔවුන්ට අවශ්‍ය Data සඳහා යන වියදමද සමහර දෙමාපියන්ට දැරිය නොහැකි බවයි පැවසෙන්නේ. තත්වය මෙසේ පැවතියදී වෙළෙදපොලේ පරිගණක හා දුරකථන මිලද අධික ලෙස ඉහල යාම නිසා මේ ගැටලුව තව තවත් සංකීර්ණ තත්වයට පත්ව තිබෙනවා.

මේ පිළිබඳව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරමින් පුජ්‍ය වලස්මුල්ලේ ධම්ම විමල ස්වාමීන් වහන්සේ ලිපියක් යොමු කරමින් පවසන්නේ දරුවන්ට ඉගෙනීමට අවශ්‍ය දුරකථන හා පරිගණක මිල අඩු කිරීම සඳහා ක්‍රමව්දයක් සකස් කර දෙන ලෙසයි.

උන්වහන්සේ ජනාධිපතිවරයා වෙලා යොමුකළ ලිපිය පහතින්…

 1,023 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply