සෝභිත හිමිත් අවසන් ගමන් යැවූ “සාධාරණ සමාජය” අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න යයි!

“සාධාරණ සමාජයක්” සංවිධානය කී විට අපට මතකයට එන්නේ මාදුළුවාවේ ස්වාමීන් වහන්සේය. උන් වහන්සේ 2015 වසරේ යහපාලන පත් කරන්නට කැපවී වැඩ කල අතර අවසනයේ උන් වහන්සේම කියා සිටියේ “අපට වැරදුනා මහත්තයෝ” කියාය. ඒ තත්වයට උන් වහන්සේ පත්කළ යහපාලකයින් උන් වහන්සේ දේශපාලනිකව අවසන් ගමන් යැවූ බව රටම දන්නා නමුත් උන් වහන්සේගේ අපවත්වීම හා යහපාලකයින්ගේ සම්බන්ධය දන්නෝ දනිති.

මේ කාරණය සෝභිත හිමියන් ගැන නොවේ උන් වහන්සේ අපවත්වීමෙන් පසු “සාධාරණ සමාජයක්” සංවිධානයේ නම අවභාවිතා කරමින් විපක්ෂයට කඩේ යමින් දේශපාලනය කරන NGO කාණ්ඩය ගැනය. හඬ අනුව පාර්ලිමේන්තුවේ තීන්දු දුන් නල්ලමලේ කතානායක අද එහි සභාපති ලෙස එක එක වෙලාවට නිවේදන නිකුත් කරමින් රජයට උපදෙස් දෙන්නේ 2015 ආණ්ඩුව ගත් පසුව සෝභිත හිමියන් දේශපාලනයෙන් අතුගා දැමු පිරිසක් වීම විහිළුවට කරුණකි.

රටම හිනස්සමින් හැසිරෙන මේ NGO නඩය දැන් ලෝකයම හිනස්සන තත්වයට පත්වී ඇත. ඒ මෙරටට හිඟ වී ඇති ඇස්ට්‍රාසේනිකා එන්නත් ලක්ෂ 6ක් ලබා ලබාදීමට ගෝඨාභය ජනාධිපතිවරයාගේ ලිඛිත ඉල්ලීමකට අනුව ජපාන රජය සලකා බලමින් සිටින බවට ජපාන තානාපතිවරයා කටයුතු කල පුවත පළවීමෙන් පසුවය. කරු ජයසුරිය කියන්නේ ඒ එන්නත් ලැබෙන්නේ ඔවුන් කල ඉල්ලීමක් අනුව බවයි.

කවුරු ඉල්ලා හෝ එන්නත් ලැබෙන්නේ නම් එය රට ට හා ජනතාවට හොඳය එය අපට ගැටළුවක් නැත නමුත් මෙරට රජය කල ඉල්ලීමකට අනුව ජපාන රජයෙන් ලැබෙන මෙම දීමනා තමන්ගේ ඉල්ලීම මත ලබුනා යයි කියමින් මොවුන් මේ කරන්නේ දේශපාලනික ලකුණු දමා ගැනීමක් බව පැහැදිලිය. එය හරියට “අනුන්ගේ ළමයින්ට උප්පැන්න දීමක්” වැනිය.  නුදුරේදීම සජිත් ප්‍රේමදාසද මෙයම කියනු ඇත ඒ ඔවුන්ගේ හැටිය. තමන්ට කියා දෙයක් කරන්නට නොහැකි උන් කරන්නේ අනුන් කරන දේවල් තමන් කළා දේ පන්වීමය.

අවසානයේ අපට කියන්නට ඇත්තේ දේශපාලන බංකොලොත් භාවය රටේ ජනතාවට පෙන්වූවාට කමක් නැත නමුත් එය ලෝකයට පෙන්වන්නට යාමෙන් සිදුවන්නේ ඔවුන් පමණක් නොව රටම විහිලුවකට ලක්වීම බව කරූලා සජිත්ලා තේරුම් ගන්නේ කවදාද?

 441 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply