20 පරාජය කරනවා – සමගි ජනබලවේගය නිවේදනය කරයි!

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වයත්,එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කරන බවත්ටත් සමගි ජනබලවේගය තීන්දු කොට තිබෙනවා.

අද(07) සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2දී රැස්වූ අතර එහිදී අදාල තීන්දුව ඒකමතිකව ගනු ලැබුවා.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඒ පිළිබඳව යෝජනාව ගෙන ආ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය ස්ථීර කරනු ලැබුවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කිරීමත්,19+ දක්වා එය රැගෙන යාමත් සිය ස්ථාවරය බව සමගි ජනබලවේගය තීන්දු කොට තිබෙනවා.

මේ අතර ’19න් ඉදිරියට’ තේමාව කොටගෙන ජනතා විරෝධතාවයක් හෙට(08) සවස 4ට ජපන් මිත්‍රත්ව මාවතේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පිලිරුව අසලදී පැවැත්වේ.

 464 total views,  6 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply