එජාප 74 වැනි සංවත්සර උළෙල විනාඩි 10 න් අවසන් – නායකත්වය හෝ මන්තී‍්‍ර ධුරය ගැන සාකච්ඡාවක් නෑ…

එක්සත් ජාතික පක්‍ෂයේ ඊයේ (6 දා) පැවැති 74 වන සංවත්සර උත්සවය ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් විනාඩි දහයක් වැනි කාලයකින් අවසන් කර තිබේ.

පක්‍ෂයේ 74 වන සංවත්සරය එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (6 දා) පෙරවරු 10.00 ට පමණ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් ආගමානුකූල චාරිත‍්‍ර අනුව සංවත්සර උත්සවය ආරම්භ කර පක්‍ෂයේ දිවංගත නායකයන් වන ඞී. එස්. සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, ඩඞ්ලි සේනානායක, ජෝන් කොතලාවල, රණසිංහ පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු උත්සව කටයුතු අවසන් කළ බව සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

සංවත්සර උත්සවය අවසන් වීමෙන් පසු පක්‍ෂ නායකත්වයට අයකු පත් කිරීම හෝ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය සඳහා අයෙක් නම් කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡුාවක් නොකර පැමිණ සිටි පිරිස පිටව ගිය බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා

 215 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply