ගංජා පිළිබඳ අධ්‍යනයට GMOA විශේෂඥ මණ්ඩලයක් පත්කරයි!

ගංජා පිළිබඳව මේ දින ඇතිව තිබෙන කතිකාව සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් විශේෂඥ මණ්ඩලයක් පත්කළ බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් මනෝවෛද්‍ය විශේෂඥ තනුජ මහේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් එම මණ්ඩලය පත්කර ඇති බව මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මේ වන විට ගංජා යනු වගා කිරීමට තහනම් සෞඛ්‍ය ගැටළු ඇති කරන නීති විරෝධී දෙයක් බැවින් බැලූ බැල්මට පෙනෙන බැවින් මේ පිළිබඳව කතා කිරීමට දෙයක් නොමැති වුවද වර්තමානයේ මතුව තිබෙන කරුණු සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගිය යුතු බව එම සංගමය සිතන බව ඔහු වැඩි දුරටත් මෙහිදී සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගංජා සම්බන්ධයෙන් විවිධ මත පළකර ඇති බවත් වෛද්‍යවරුන් වන ඔවුන්ගෙන් මෙහි ඇති සෞඛ්‍ය ගැටළු පිළිබඳව විවිධ පාර්ශව විමසන බවත් එම නිසා දැනට ඇති තහනම අකහ්න්දව පවත්වාගෙන යන්නේද නොඑසේනම් එහි යම් ලිහිල්වීම් සිදුකරන්නේද යන්න පිළිබඳව සලකා බැලීමටත් අවසානයේදී ජනතාවට හොඳම තීරණය ලබාදීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී පැවසීය.

https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fheadlinenewslk%2Fvideos%2F310384256909892%2F&show_text=0&width=476

 985 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply