ලෝක කුසලාන ටෙස්ට් අවසන් සටන දින 6ක්!

ප්‍රථම වරට හඳුන්වා දුන් අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ නව කොන්දේසි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ලබන මස 18 වැනිදා එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ නවසීලන්ත අතර, තරගය සඳහා අතිරේක දිනයක් ලෙස ජූනි 23 වැනිදා එක් කිරීමට කටයුතු කර තිබේ.

එම අතිරේක දිනය පිළිබඳ අයිසීසී තරග තීරකවරයා විසින් අවසන් වශයෙන් නිවේදනය කරනු ලබන්නේ තරගයේ 5 වැනි දිනයේ අවසන් පැය ආරම්භ වන අවස්ථාවේදීය.

එහෙත් එම දිනය අවිනිශ්චිත පියවරක් පමණක් වන අතර, සම්පූර්ණ දින පහේ ක්‍රීඩා කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් තරගයේ ප්‍රතිඵලයක් ගැනීම සඳහා එය භාවිතා නොකරන බව ද අයිසීසීය අවධාරණය කර තිබේ. කෙසේ වෙතත්, එය යොදා ගනු ලබන්නේ නියමිත දින 5 අවසන් වන විටත් තරගය පැවැත්වීමට නියමිත සම්පූර්ණ කාලය පවත්වා නිමා කිරීමට නොහැකි වුව හොත් එම නැති වූ කාලය ක්‍රීඩා කිරීම සඳහා ය.

ඒ අනුව තරගයට අදාළ දින 5 අවසන් වන විට තරගය පැවැත්විය යුතු නියමිත කාලය තුළ පවත්වා තිබුණහොත් හෝ කණ්ඩායමක් තරගයේ ජය වාර්තා කර නොතිබුණොත් තරගය අතිරේක දිනයේදී නොපැවැත්වෙනු ඇත.

එවැනි අවස්ථාවක තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන අතර, ඉන්දියාව සහ නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියරේ සම ශූරයන් ලෙස ප්‍රකාශයට පත් වනු ඇත.

 619 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply