හොර ප්‍රාඩෝ රථයකින් ගිය නාගරික මන්ත්‍රී මාට්ටු !

ව්‍යාජ අංක තහඩු සවි කළ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සමග කඩුවෙළ නගර සභා ශ්‍රිලනිප  මන්ත්‍රීවරයකු  කඩුවෙල වැලිවිට ප්‍රදේශයෙ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකාර මන්ත්‍රීවරයා සන්තකේ තිබූ ආදායම් බලපත්‍රය ද ව්‍යාජ එකක් බව  ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාට ලද තොරතුරක් අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජි එස් සුසන්ත මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

ලියා පදිංචි කර නොමැති මෙම වාහනය කොටස් එකලස් කර තනන ලද එකක් මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකාර මන්ත්‍රීවරයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මිතුරකුගෙන් ලද මෙම වාහනය වසර පහක පමණ කාලයක සිට පරිහරණය කර ඇති බව ද පොලිසිය කියයි.

 506 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply