GMOA නිළවරණය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි!


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කල වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නාමයෝජනා කමිටුව විසින් මෙය ප්‍රතික්ෂේප කර ඇති අතර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තම නාම යෝජනා ඉදිරිපත් කලේ එම සංගමයේ සභාපතීත්වය සඳහායි.

මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතීත්වය වසර 10 ක සිට හොබවනු ලබන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින්.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්දයෙන් අප කල විමසීමකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කලේ, තමන් හට නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් කාරුණික ඉල්ලීමක් කර ඇති බවයි.

 388 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply